ආසියා ශූරයෝ මව්බිමට


(අංජුල මහික වීරරත්න)

හොංකොං හි පැවැති 2026 ආසියානු වයස අවුරුදු 20න් පහළ (U20) මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 04ක් ඇතුළුව සමස්ත පදක්කම් 08ක් දිනා ගනිමින්, ආසියාවේ ප්‍රබල රටවල් රැසක් අභිබවා සමස්ත පදක්කම් සටහනේ 08 වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (02)   UL 885 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාතයන්තර ගුවන් තොටුපළට පැමිණියහ.

දිවයිනට පැමිණි ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළට පැමිණ  සිටියහ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම්: තරුෂි අභිෂේකා (කාන්තා මීටර් 1500 - විනාඩි 04:31.41), රන්සිනි පෙරේරා රිදී පදක්කම්: තරුෂ මෙන්ඩිස් (පිරිමි උස පැනීම - මීටර් 2.14), නෙත්සර දිනෙත් (පිරිමි මීටර් 800 - විනාඩි 01:49.22)

ලෝකඩ පදක්කම්, සදෙව් රාජකරුණා (පිරිමි මීටර් 200 - තත්පර 21.13), මිහින්සා අබේරත්න (කාන්තා උස පැනීම -මීටර් 1.72), කරුෂි අභිෂේකා (කාන්තා මීටර් 800 - විනාඩි 02:07.97) සහ 4x400 මීටර් මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම.