ආර්ථික වැඩ හරියට කරන්න කමිටු හතරක්


(අංජුල මහික වීරරත්න)

ආර්ථික කටයුතු යථාවත් කිරීම සඳහා අධීක්ෂණ කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වීම මත කුඩා ප්‍රමාණයේ විවෘත ආර්ථිකයක් සහිත රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීක ක්ෂේත්‍රයන් විවිධ බලපෑම් වලට නිරාවරණය වී ඇත. එබැවින්, ශ්‍රී ලංකාවට බලපාන අනපේක්ෂිත අවදානම් සම්බන්ධයෙන් කඩිනම් හා ප්‍රගතිශීලී පියවරයන් ගැනීම, වෙළෙඳ පොළ තත්ත්වයන් ස්ථාවර කිරීම සහ පුරවැසියන්ගේ දෛනික ජීවිතය පවත්වා ගෙන යාම සුරක්ෂිත කිරීමට කාලෝචිත මැදිහත් වීම් කඩිනමින් සිදු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන බව රජය කියයි. ඒ අනුව, ආර්ථික ආවේක්ෂණ කමිටුව සමඟ එක්ව, ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට හා ජන ජිවිතයට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත යුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් පරිදි කමිටු 04 ක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: