ආර්ථික බංකොලොත්භාවය සොයන කමිටුවට හෙට මැතිසබේ විරෝධයක්?


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තුවේදී හෙට (18) විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

එම කමිටුවේ  සංයුතිය වෙනස්  කරන ලෙසට විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද  නියමිතය.

කතානායකවරයා  විසින් පත්කෙරුණු කමිටුව වෙනුවට විකල්ප කමිටුවක් පත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. ඒ පිළිබඳවද කතානායකවරයාට මේ සතියේදී දැනුම් දෙනු ඇතැයි වාර්තා වේ.