ආර්.එම්.වී සේවා කටයුතු සීමා යටතේ


(නිමල කොඩිතුවක්කු)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සේවාවන්  සීමා කිරීම්වලට යටත්ව තවදුරටත් පවත්වාගෙන යන බව එහි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

දිවයින පුරා ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ තවදුරටත් අත්හිටුවා ඇති බවත් අනෙකුත් සේවාවන් ඉටු කරගැනීම සඳහා 0112 677 877 යන දුරකථන අංක ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

පළාත් අතර සංචාරණ සීමා පනවා ඇති බැවින් වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවලින් සේවාවන් සපයනු ලබන්නේ බස්නාහිර පළාතේ පුරවැසියන්ට පමණක් බවත් හෙතෙම කියා සිටියේය.

වාහන ලියාපදිංචිය සඳහා යම් පැහැදිළි කර ගැනීමක් අවශ්‍ය නම් 070 7677 877 යන දුරකථන අංකයටත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් 070 7677 977 යන දුරකතන අංකයටත් රාජකාරි දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අමතන ලෙසත් අලහකෝන් මහතා ඉල්ලීමක් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල වල කටයුතු අදාල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ මග පෙන්වීමෙන් සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.