
( රොමේෂ් මධුෂංඛ)
යාපනය චුන්නාකම් පොලිස් වසමේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි.
පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි චන්ද්‍රනාත් ගෝපිනාත් නැමත්තෙකි.
තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ දින පුද්ගලයින් දෙදෙනෙකු බහින්බස්වීමක් ඇතිව ඒය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසුව එක් අයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවට මූලිත පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.
පහරකෑමෙන් බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර පහරදීම සිදුකරන ලද පුද්ගලයා පලා ගොස් තිබුණි.
පසුව චුන්නාකම් පොලීසිය විසින් පලාගිය පුද්ගලයා සොයා සිදුකල සෝදිසි පරික්ෂණයකින් අනතුරුව පලාගිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

