
(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහජනතාවට ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීම සඳහා දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 47හි මෙහෙයුම් මැදිරිවල දුරකථන අංක නිකුත් කර තිබේ.
නායයාම්, පස්කඳු කඩා වැටීම්, ජල ගැලීම් සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් වන පීඩා මෙම දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.



