(මහින්ද නිශ්ශංක )
ඉන්දියාවෙන් ආනයනය කරන මෙට්‍රික් ටොන් 4500 ක් වන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ලුණු ගෙන්වීමට අවසර ලබා දුනි.
ඒ අනුව ඉන්දියාවෙ සැපයුම්කරුවන් දෙදෙනකුට ලුණු ගෙන්වීමට අවසර ලබා දුන් අතර ජනවාරි 31 වනවිට ලුණු මෙට්‍රික් ටොන් 12500 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි සංස්ථාව පවසයි.