ආණ්ඩුව කළ එක විගණනයක් තිබේ නම් කියන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුව පත්වී වසර ඇතුළත කළ එක විගණන පරීක්ෂණයක් රටට හෙළි කරන්න්නැයි අභියෝග කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"හොරකම දූෂණය වංචාව ගැන කිව්වා. දැන් අවුරුද්දක් ගියා.එක විගනන පරීක්ෂණයක් වත් කළාද?අවුරුද්දක් පුරා එක ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කළාද? ආණ්ඩුව බලයට එන්න ප්‍රධාන යෝජනාව පවා තාම සමාජයට ඒත්තු ගන්වන්න බැරිවෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බව කිව්වා.දැන් සීමා නිර්ණ ඉදිරිපත් කිරීම ,පරණ ක්‍රම අලුත් ක්‍රම ගැන කතා කරනවා.පළාත් සභා මැතිවරණය ඉක්මනින් තබා පොරොන්දු ඉටු කරන්න.සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන බවටත් පොරොන්දුවක් දුන්නා.ඉන්ධන මිල වත් පහත හෙලන්න බැරිවෙලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.