
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයේ රක්ෂීතය ඩෝසර යොදා කුඹුරු හා ඉස්සන් ටැංකි සකසමින් ඇති බව ජනතාව චෝදනා කරති .
ඉතාම සුක්ෂම ආකාරයෙන් කච්චිමඩුව ජලාශයේ රක්ෂීත ප්‍රදේශය ඩෝසර යොදා ගනිමින් වනසා කුඹුරු හා පොල් වගාවන්ට සේම ඉස්සන් වගාකිරීම සඳහා ටැංකි සකසමින් සිටින බව ද ගම්පාහීහු පවසති.
මෙම රක්ෂීත සලකුණු කරමින් මායිම් සලකුණු යොදා තිබුනද එම මායිම් ද නොතකමින් මෙම විනාශය සිදුකර ඇත.
මේ පිළිබදව සම්බන්ධයෙන්වි පුත්තලම ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු විදුර ක්‍රීශාන්ත මහතාකේ කළ විමසීමේ දි මෙසේ කීය.
“ කච්චිමඩුව ජලාශවේ රක්ෂීතය මේ වන විට පුද්ගලයන් කිපදෙනකු නීති විරෝධිව අල්ලා ගෙන තිබෙනවා. මේ කටයුතු ජලාශයට ලොකු තර්ජනයක් .මේ සම්බන්ධව අපි නීතිමය කටයුතු ඉදිරියේදි කරන්න සුදානම් යැයි ඔහු පැවසිය.



