ආගමික ස්ථානවල රැස්වීම් සීමාකරයි


(රන්ජන් කස්තුරි)

සියලු ආගමික ස්ථානවල පවත්වන සාමූහික ක්‍රියාකාරකම් සීමාකළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සියලු ආගමික ස්ථාන වල රැස්විය හැක්කේ එහි ඉඩ ප්‍රමාණයෙන් සියයට 50ක් වන අතර උපරිම වශයෙන් සිටිය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව 25 කට සීමාකර ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇනි එම නිවේදනයේ සඳහන් වේ.

පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානවල නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.