(විනීතා එම් ගමගේ)
මධ්‍යම කඳුකරයේ වළාකුළු වනාන්තරවල කුරු පඳුරු සීඝ්‍රයෙන් මියැදෙමින් ඇතැයි හෙළි වී තිබේ.
සිරිපා අඩවියේ, නකල්ස් කලාපයේ, හෝර්ටන් තැන්නේ මෙන්ම රක්වාන ප‍්‍රදේශයේ වලාකුළු වනාන්තර පිහිටා තිබේ.
වලාකුළු වනාන්තර යනු මධ්‍යම කඳුකරයේ ඉහළ පෙදෙසෙහි පිහිටා ඇති වනාන්තර වන අතර එහි විශේෂත්වය වන්නේ එහි වැවෙන ශාක කුරු වීමත් සුළං ධාරාවන්ට ඔරොත්තුදෙන පරිදි ඇඹරී පිහිටීමත් වේ.
ආගන්තුක ශාක රාශියක් මෙම වනාන්තර ආක‍්‍රමණය කරමින් වැවෙන බවට වාර්තා වී ඇතැයි ද විශේෂයෙන් මෙම වනාන්තර රක්ෂිතයන් වන බැවින් ඒවා පිළිබඳ සොයා බැලීමට යාමේ අපහසුවක් පවතින බව ද පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ලංකාදීපයට අද (06) පැවසීය.
මේ තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින හා අධ්‍යයනයේ යෙදෙන පර්යේෂකයන් කිහිපදෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් යොදවා මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
එවැනි පුළුල් අධ්‍යයනයකින් පසු ඒ වෙනුවෙන් කළ හැකි යම් පිළියමක් වේ නම් එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් ඉක්මණින් මේ සඳහා පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

