(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් සදහා අද (8) දින දිවා ආහාරය සදහා රැගෙන ආ කුණු වූ මුහුදු මාළු කිලෝ 31 ක් වළ දැමීමට බන්ධනාගාරයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් පියවර ගෙන තිබිණි.
බන්ධනාගාරයට මුහුදු මාළු සැපයුම් කරන අනුරාධපුර ව්‍යාපාරිකයකු විසින් මෙම මුහුදු මාළු තොගය අද බන්ධානාගරයේ සැපයුම් අංශයට බාරදී තිබේ. එම මාළු කිලෝ 31 තොගයට බල සහ අලගොඩුවෝ යන මාළු වර්ග ඇතුළත් වේ.
එම මාළු තොගය පරික්ෂා කිරිමේදී ඒවා කුණු වී යල්පැන ගිය මාළු තොගයක් බවට අනාවරණය විමෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් ඒවා බන්ධනාගාර භූමියේ වළ දමා තිබේ.
මෙම කුණු මාළු තොගය ආපසු තමන්ට ලබාදෙන ලෙස මෙම ව්‍යාපාරිකයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඒවා මෙසේ වළදමා තිබේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම ව්‍යාපාරිකයාට දැඩිව අවවාද කර මුදාහැර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි රෝහණ අජිත් මහතාගෙන් කළ විමසුමේ දී ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

