(දයාරත්න ඇඹෝගම)
තම රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලා අනුරාධපුර මහ නගර සභාවේ අනියම් සේවකයෝ අද (01) අනුරාධපුර නගර සභාව ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වුහ.
මෙම සේවකයන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් ගමනා ගමනයටද බාධා එල්ල විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පළාත් පාලන ප්‍රගතිශිලි සේවක සංගමයේ ලේකම් අරුණ රන්දෙනිගම මහතා මෙසේ පැවසිය.
මේවන විට අනුරාධපුර මහ නගර සභාවේ වසර දහයක් පහළොවක් පමන කාලයක් සේවය කළ අනියම් සේවකයන් 182 ක් ඉන්නවා.මේ පිරිස අංක 2019/29 දරණ චක්‍රලේඛය අනුව ස්ථිර කළ යුතුයි.එහෙත් තාමත් අපි ස්ථිර කරලා නැහැ.
ඒ වෙනුවට දැන් තවත් 38 දෙනෙකු රැකියා දස ලක්ෂයේ බදවා ගැනිමේ පදනම මත බදවා ගෙන තිබෙනවා.අපේ ඉල්ලිම අපි ස්ථිර කරන්න කියන එකයි.මේක අපට කරන අසාධාරණයක්.