අ‘පුර බන්ධනාගාරයත් යටවේ


(දයාරත්න ඇඹෝගම සහ උපුල් හේරත්)

අධික වරුෂාව හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවිමේ හේතුවෙන් බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දහසකට අධික පිරිසක් අනුරාධපුර රත්නායක මහා විදුහලට හා පොළොන්නරැව බන්ධනාගාරයට රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුහ.

තවත් රැදවියන් පිරිසක් බන්ධනාගාරය ජලයෙන් යටවිමේ හේතුවෙන් බන්ධනාගාරයේ වහළය මතට නැග සිටිති.

එම රැඳවියන්ද ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආරක්ෂක අංශ  දැඩි වෙහසක් දැරිය.

ඡායා උපුල් හේරත්