අහුංගල්ලෙත් වෙඩි තැබීමක්:අයෙක් තුවාල ලබයි


(එම්.සුසිල් පියන්ත සහ දීපාල් සිල්වා)

අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද(24)දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ගල්වෙහෙර පදිංචි අයකු බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලිසිය .

වෙඩි වැදුණු අයගේ තත්වය බරපතල නොවන බවද පොලීසිය කියයි.

මෙය පාතාල කල්ලියක වැඩක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.