(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මෙරට ඇති වී තිබෙන දේශගුණ කාලගුණ වෙනස්වීම මත මහ පොළොව අභ්‍යන්තරයේ ඇති ජලය ප්‍රමාණය විශාල වශයෙන් අවම වීම හේතුවෙන් අහසින් ලැබෙන ජලය කෘතිමව නැවත මහ පොළොවේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් වයඹ පළාත් භූගත ජල අංශය මගින් ආරම්භකර තිබේ.
වයඹ පළාත් භූගත ජල ඒකකයේ කළමනාකාර ජෙෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා ප්‍රමුඛ භූ විද්‍යාඥයින් කණ්ඩායමක් නව ක්‍රමවේදය සොයාගෙන ඇති අතර මෙය රටේ ඕනෑම පුද්ගලයෙකුට මෙම මාහැඟි කාර්යයට දායක වීමට හැකි බව ඔවුහු පෙන්වා දෙති.
ඉතා සරල ක්‍රම ඔස්සේ තම නිවෙස්වල කාර්යාලවල කර්මාන්තශාලාවල රජයේ ආයතනවල වහලය මතට වැටෙන ජලය කානු දිගේ ඇළවල් ඔයවල් දිගේ ගලායෑමට සැලැස්වීම වෙනුවට මහ පොළොවේ එම ජලය තැන්පත් කිරීම සඳහා සිදුකළ හැකි ක්‍රියා පිළිබඳව ඔවුන් කුරුණෑගල වාරියපොල සිය කාර්යාල පරිශ්‍ර යේ ප්‍රදර්ශන භූමියක් ලෙස සකසා තිබේ.
මෙහිදී ජේෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා කියා සිටියේ මහපොළොව විද අභ්‍යන්තරයේ පවතින ජලය එළියට ගැනීම පමණක් වසර 40ක කාලයක සිට භූ විද්‍යාඥයින් විසින් සිදුකළ බවය. එහෙත් පවතින වැසි රටාව සහ දේශගුණික කාළගුණික විපර්යාසය සමඟ මේ වන විට මහ පොළොවේ ජලය අහිමිව පවතින නිසා ඉදිරි වසර 40 තුළ මහ පොලොවට අහසින් වැටෙන වැසි ජලය නැවත මහ පොළොවේ තැන්පත් කිරීමේ සුවිශාල වූ කාර්යභාරයට ජනතාවක් වශයෙන් සිදුකළ යුතු බවයි.
ඉතා සරල ක්‍රම ඔස්සේ මෙම ක්‍රියාවලිය සිදු කළ හැකි බවත් එම නිසා වාරියපොල තම කාර්යාල පරිසරය ප්‍රදර්ශනය කර ඇති මෙම භූගත ජලය තැන්පත් කිරීම පිළිබඳව දැනුවත් වී පාසල් මට්ටමින් නිවාස මට්ටමින් කාර්යාල මට්ටමින් මෙම මාහැඟි ක්‍රමවේදයට දායකවී මහ පොළොව අභ්‍යන්තරයේ ජලය තැන්පත් කිරීම සිදුකිරීමට එකතුවන ලෙස භූ විද්‍යාඥයින් මහජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටින බවයි.
මෙම කාර්යයට උරදී කටයුතු කරන ජල භූ විද්‍යාඥ අසන්ක තිලකරත්න මහතා කියා සිටියේ ජාතික වගකීමක් ලෙස මෙය සිදු නොකළහොත් අනාගතයේදී ජලය මහපොළොවෙන් අහිමිවීමට ඉඩ ඇති බවයි. ලෝකයේ වෙනත් රටවල මෙය නිර්මාණය කරන බවත් මෙරට ඉතිහාසයේ පළමු වරට වැසිජලය කෘතිමව භූගත ජල ස්තරවලට තැන්පත් කිරීම සිදු කිරීම විශේෂත්වයක් බවය.
පෙරදා ස්වභාවධර්මයා විසින්ම අහසින් වැටෙන ජල බිංදු ඉතාම පරිස්සමෙන් මහපොළොව ඇතුළට ගොස් ජල ස්තරවල තැන්පත් වූ බවත් එහෙත් වර්තමානයේ කොන්ක්‍රීට් සහ කාපට් ඇතිරීම විශාල වහලවල් වලින් එන ජලය කොන්ක්‍රීට් කාණු මතින් ඇළවේලි වලට හැරවීම සහ එකවරම අධික වර්ෂාව පතිත වීම හේතුවෙන් ජලය මහ පොළොවට උරා ගැනීමට මත්තෙන් ඇළදොළ ගංගා වලට ගලාගෙන යෑම නිසා මහ පොළොවේ ජල මට්ටම අඩු වී ඇතැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මහපොළොව සුවපත් කිරීමේ ජාතික කාර්යභාරයට සියලු ජනතාවගේ සහයෝගය දීම හෙට රට වෙනුවෙන් සිදුකරන මාහැඟි කර්තව්‍යයක් බවත් පෙන්වා දෙන ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද භූගත ජලය ආරක්ෂා කිරීමේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ක්‍රියාත්මක වීම පිළිබඳව සඳහන්ව තිබෙන බවද එම සටහන උපයෝගී කරගෙන මෙම අත්දැකීම ජනතාවට ලබාදීමට පිටුවහලක් වූ බව විද්‍යාඥයෝ පවසති.
ඕනෑම අයෙකුට ආයතනයකට පාසලකට කුරුණෑගල වාරියපොල ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් භූගත ජල අංශයට පැමිණ මෙම ක්‍රමවේදය නරඹා නොමිලේ දැනුවත් කිරීමට හැකි බව ස්ථාන භාර කළමනාකරු ජේෂ්ඨ භූ විද්‍යාඥ උපුල් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.






