අසාධාරණ වැඩ වර්ජන එපා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන  අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් කරන බව  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

වෛද්‍යවරුන් පිරිසක් පස් වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කර පසුව හත් වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ  වෛද්‍යවරුන්ගේ විරෝධතා සම්බන්ධයෙන්  ප්‍රකාශයක් කරමිනි.