අස්වැසුම ප්‍රතිලාභ හෙට ගිණුම් වලට


(අංජුල මහික වීරරත්න)

අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ප්‍රථම අස්වැසුම දීමනාව අද (30)දින  බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

මේ අනුව රුපියල් කෝටි  179.44 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 217,645 ක  බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.