
(සුජිත් හේවාජුලිගේ)
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ 6 කට ආසන්න පිරිසකට දෙවැනි මාත්‍රාව ලෙස එම වර්ගයේම එන්නත ලබාදීම ප්‍රමාණවත් එන්නත් තොග නොමැතිකම නිසා නොහැකි වී ඇත.
මේ අතර ෆයිසර් සහ මොඩර්නා එන්නත් මාත්‍රා තොගයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතය.

