අවුරුදු සමයේ විශේෂ මෙහෙයුම්


(ඉන්දිකා රාමනායක)

අවුරුදු සමයේ කෝවිඩ් රෝගය පැතිර යාම වළක්වා ගැනීම සහ රිය අනතුරු වලක්වා ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සඳහා නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද හෙතෙම කියා සිටියේය.

කොවිඩ් රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ජනතාව,වෙළඳ ආයතන නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා සහ බීමතින් හා අපරික්ෂාකාරී ලෙස රථවාහන පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද මෙම මෙහෙයුම සිදු කරන බව හෙතෙම කීය .