අවුරුදු 8 ක දරුවෙකු අපයෝජනය කළ 7 ක් දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වයස අවුරුදු 8 ක පිරිමි ළමයෙකු අපයෝජනය කළ බව කියන  තරුණයන් 7 දෙනෙකු  අද (18) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

අත්අඩංගුවට  ගත් තරුණයන්  වයස අවුරුදු  16,17 හා 18 වයස් සීමාවල පසුවන්නන්ය.
 
අපයෝජනයට පත් පිරිමි ළමයා ප්‍රතිකාර සඳහා   නාගොඩ  මහ රෝහලට ඇතුළත් කර ඇත.

එම දරුවාගේ පියා වෙනත් විවාහයක් කරගෙන වෙනත් ප්‍රදේශක පදිංචිව සිටින අතර මව විදේශගතව සිටින බව පොලීසිය කියයි.මිත්තණිය සහ සීයා සෙවණේ සිටින මෙම දරුවාට  සැකකරුවන් අතර සිටින තරුණයෙකු මීට දින කිහිපයකට ඉහත දී පරවියෙකු ලබාදී  රවටාගෙන අසල  පාළු නිවසකට ගොස්  අපයෝජනය කර තිබිණි. එය දැනගත් ඔහුගේ මිතුරන්  එම දරුවාට  පරවියන් ලබා දෙන ලබාදෙන බවට බොරු පොරොන්දු දී වරින් වර එම නිවසට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව දරුවාගේ සීයා සිදු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.  

පොරොන්දු වූ පරිදි පරවියන් නොදීම හේතුවෙන් දරුවා ඒ බව සීයාට පැවසීමෙන් අනතුරුව ඔහු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව  සැකකාර තරුණයන් පිරිස  අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් තරුණයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.