අලුත් අවුරුද්දෙන් පසු කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් හඳුන්වා දී ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව එක්ව සිටින බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
මෙම අලුත් අවුරුදු ඒකාබද්ධ මෙහෙයුම ලබන 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 1350ක් ද පෞද්ගලික බස්රථ 3000ක් ද ධාවනයට යොදවා ඇත. විශේෂ දුම්රිය 11ක් අප්‍රේල් 20, 21, 22 යන තෙදින තුළදී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
පසුගිය 8වැනිදා සිට 13 වැනිදා දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලැබූ රුපියල් මිලියන 400ක ආදායමත් එම කාලය තුළදී කිසිදු දුම්රියක් අවලංගු නොකිරීමත්, පෞද්ගලික බස්රථවල සේවාව ගැන ලැබුණු පැමිණිලි ඉතාම අඩුවීමත් සාර්ථකත්වය පෙන්නුම් කරන සාධක බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
එහිදී ප්‍රකාශයට පත් කෙරුණු ඉදිරි දුම්රිය දෙපාර්තමේන්තු කාලසටහන පහත දැක්වේ.


