අවුරුද්දකට ලංකාවෙන් පියයුරු පිළිකා රෝගීහු 5500ක්


(සුජිත් හේවාජුලිගේ)

පියයුරු පිළිකා රෝගීන් පන්දහස්  පන්සීයක් වසරකදී හඳුනාගන්නා බව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි

මේ අතර දිනකට පිය යුරු පිළිකා රෝගීන් පහළොස් දෙනකු හඳුනාගන්නා බවත් පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු දිනකදී මිය යන බවත් හෙළිවී ඇත.

මේ තොරතුරු හෙළි කෙරුණේ ශ්‍රී ලංකා  ශල්‍ය වෛද්‍යවරුන්ගේ  විද්‍යායතනය විසින්  සංවිධානය කරන ලද පියයුරු පිළිකා වැළැක්වීම සහ  කලින් හඳුනා ගැනීම පිළිබඳ වැඩමුළුවේදීය