(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අවම සේවක වැටුප වැඩි කරනවා සේම වතු ප්‍රජාවගේ වැටුප් ද වැඩි විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
අද ඉදිරිපත් කරන අණපනත් හරහා අවම සේවක වැටුප වැඩි වීම සුබවාදී දෙයක් නිසා විපක්ෂයේ සහයෝගය ලබා දෙන බවස විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහි දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 41 වැනි පොරොන්දුව වන රටේ වතු ප්‍රජාවට ලබා දෙනවා කියූ රු.1700ක දෛනික වැටුප අමතක වී ඇති බව විපක්ෂ නායකවරයා කීය.