
(නිමල් ජයරත්න)
පොලොන්නරුව 503 කලාපයට අයත් මාදුරු ඔයෙ ප්‍රදේශයේ අලිවැට සහ වාරිමාර්ග පද්ධතියට හානි වන ආයුරින් වැලි ගොඩ දැමූ බව කියන පිරිසකට හා ට්‍රැක්ටර් හිමිකරුවන්ට පලවා හැරිමට,කලාපයේ ගොවි සංවිධාන පහක නියෝජිතයෝ සහ ගොවීහු පිරිසක් අද දහවල් කටයුතු කළහ.
අරලගංවිල 503 කලාපයේ ගොවි පවුල් 1100,ක් ප්‍රදේශයේ අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් යළ මහ දෙකන්නයේ වී වගා කරන අතර මෙම වැලි ගොඩ දැමීම නිසා අලි වැටට මෙන්ම,වාරිමාර්ග පද්ධතියට දැඩි හානි සිදුවී ඇතැයි ඔවුහු චෝදනා කරති. ඉදිරියේදී ඇතිවන වර්ෂවලදී මාදුරුඔය පිටාර ගැලුවහොත් තම කුඹුරු බිම් ද විශාල වශයෙන් විනාශ වන බව ද එම් ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
වැලි ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ග දෙකට ලී කොට හිටුවා කම්බා ගැසීමට ගොවියෝ කටයුතු කළහ.
මාදුරුඔයේ වැලි ගොඩ දැමීම සඳහා භූ විද්‍ය හා පතල් කැනීම් කාර්යාංශයෙන් හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ලබාදී ඇත්තේ පොළොන්නරුවේ ඇතැම් ප්‍රාදේශීය සභා දේශපාලකයන්ටත්,රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවත් මෙම තත්වය යටතේ ප්‍රදේශ ගොවි ජනතාවටත්,පොදු කටයුත්තකට වැලි ටිකක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
අලි වැට හරහා වැලි ප්‍රවාහනය කිරීමට සකසා ගත් මාර්ග දෙක වසා දැමීමත් සමග ගොවි සංවිධාන නියෝජිතයන් සහ වැලි ගොඩදමන කම්කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.
තමන් වැලිගොඩ දමන්නේ දිස්ත්‍රික්කේ සමහරක් ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ඇතම් රාජ්‍ය නිලධාරීන් යටතේ බවත් එම නිසා තමන්ට වැලි ගොඩ දැමීමට මෙහි අවසර ලබාදෙන බවද එම කම්කරුවෝ කියා සිටියහ.






