(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කොට රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැංවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (11) පැවසීය.
රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් කොළඹදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීවේය.
මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.