අලුත් අවුරුද්දට රැදවියන් බැලීමට ඥාතීන්ට අවසර


(නිමන්ති රණසිංහ) 

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් බැලීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවසර ලබාදී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

 මේ අනුව  මේ මස 13,14 යන දෙදින  තුළ රැදවියන් බැලීමේ පහසුකම් සළසා දී  ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් බන්ධනාගාර නීති රීති වලට අනුගත වෙමින් තම තම ඥාති හිතවතුන් බැලීම සඳහා මෙම අවස්ථාව ලබා දුන්නද දුන්න ද නිවසින් රැගෙන එනු ලබන කිසිදු ආහාරයක් ඔවුන්ට ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනා තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ වසර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රැදවියන් බැලීමේ අවස්ථාව හිමි වී තිබූ බැවින් මෙවර එම අවස්ථාව ලබාදීමට බන්ධනාගාර පාලනාධිකාරිය තීරණය කර ඇති බවද හෙතෙම පැවසීය.