අලුත් අය එන එක කෙසේ වෙතත් ඉන්න අය රැක ගන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලුතින් ආයෝජකයෝ පැමිණීම කෙසේ වෙතත් තියෙන ඇඟලුම් කම්හල් වත් රැක ගන්න බලන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ ආණ්ඩුව බාරගත්තේ බිලියන පහක සංචිත තියෙන රටක්. ඔයගොල්ල ඇවිත් කලේ මොකක්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

"ඉතිහාසයේ පළමු වතාවට මෙච්චර ශීඝ්‍රයෙන් කඩා වැටුණු පළමු ආණ්ඩුව මෙයයි.ගෝඨාභය ආණ්ඩුව කඩා වැටෙන්න ගත්තේ අවුරුදු එකහමාරක් විතර යනකොට. දැන් මේක මාස හයෙන් ඉවරයිනේ. වැඩිය කතා ඕන්නෑ. දෙසැම්බර් පහුවෙලා පළාත් සභාව තියන්නකෝ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.