
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ වී ගබඩාවක් කඩා ඇතුළු වූ වන අලින් තිදෙනකු එහි ගබඩා කර තිබූ වී ආහාරයට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
එකවරම වී ගබඩාව තුළින් විශාල ශබ්දයක් ඇසී මුරකරුවා මහා වැස්සේ එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී ගබඩාව ස්ථාන දෙකකින් කඩා එක වන අලියකුට ගබඩාව තුළට ඇතුළු වී අනෙක් දෙදෙනා ඇතුළු වීමට උත්සාහ දරමින් සිටි බව සඳහන් කළේය.
ගබඩාව කඩා දැමූ වන අලින් ප්‍රදේශවාසීන්ගේ උදව් ඇතිව පලවා හැරීමට හැකි වූ බවත් එමඟින් රජයට සිදුවන්නට ගිය විශාල අලාභයක් වළක්වා ගැනීමට මෙම මුරකරුට හැකි වී තිබේ.


