අල්ලස් ගත් කොක්කඩිචොලේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වැලි පැටවූ ටිපර් රථයක හිමිකරුව නීති මගින් කටයුතු නොකර මුදා හැරීම සඳහා රුපියල් විසි පන්දහසක අල්ලස් මුදලක් පොලිස් ස්ථානයේ නිල කාමරය තුළදී ලබා ගත් කොක්කඩිචොලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (30) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.

රුපියල් තිස් දහසක මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති බවත් එයින් විසි පන්දහසක මුදලක් ගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.