(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාලු කසළ අංගනයේ අද (07) රාත්‍රීයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කසළ අංගනය ආසන්නයේ ඇති සේරක්කුලිය හා කරතිව් ගම්මාන වල ජනතාව දැඩි බියකට පත්ව ඇති බවත් පිපිරීමත් සමඟ දැවැන්ත ශබ්දයක් සහ අධික කම්පනයක් ඇති වූ බවත් ප්‍රදේශවාසීහු කියති.
කසළ අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කිරීම් වල නිරත වී ඇති බවත් මීතෙන් වායුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව නලයක පෑස්සුමක පිපිරීමක් සිදුව ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.
මෙම පිපිරීම රාත්‍රී 8.45 ත් 9.00 ත් අතර වේලාව තුළ සිදුව ඇත.
පිපිරීමෙන් කසළ අංගනයේ කිසිවකුටත් හානියක් සිදුව නැති බවත් එහි සේවය කරමින් සිටි සියලු සේවකයින් වහාම අංගනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එහි නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කොළඹ සිට අරුවක්කාලුවට කසල රැගෙන එමින් තිබූ ටිපර් රථ 29 ක් ජා ඇල ප්‍රදේශයේදී ආපසු නැවත කොළඹ දක්වා හරවා යැවීමට ද කටයුතු කර තිබේ.

