අර්ජුන් - අජාන් නැතිව බැඳුම්කර නඩුව විභාගයට


(මනෝප‍්‍රිය ගුණසේකර)

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනකුට එරෙහි නඩුවේ අධිකරණයට ඉදිරිපත් නොවී පැනගොස් සැගවී සිටින විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

මෙම නඩුවට අදාලව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පැනගොස් සැඟවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නැමැති විත්තකිරුවන් නොමැතිව මෙම නඩුව විභාග කරන්නයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි දිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්කිකරුවන් දෙදෙනා නොමැතිව නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම නඩුව අමල් රණරාජා (සභාපති), නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.