අරගලකරුවන්ගේ ඉල්ලීමට ශ්‍රීලනිපය කන්දෙයි


(ඩයනා උදයංගනී)

නව ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස ගාලුමුවදොර අරගලකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අද රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මතයද විමසා සුදුසු පියවරක් ගන්නා බව පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගාලුමුවදොර අරගලකරුවන් කණ්ඩායමක් ඊයේ (18) එම පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම ඉල්ලීම කර ඇත.

එහිදී අරගලකරුවන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කළ බව එම පක්ෂය පවසයි.