(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තුළදී අරගල කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
පිරිමි පුද්ගලයන් නම දෙනකු සහ කාන්තාවක ද ඒ අතර වන බව ඔහු පැවසීය
මේ පිළිබඳ කොල්ලූපිටිය පොලිසියෙන් කළ විමසීමේ දී ගැටුමක් ඇති වෙලා තිබෙන බවත් විමර්ශන කටයුතු සඳහා තව නොබෝ වේලාවකින් එම ස්ථානයට නිලධාරීන් පිටත් කර හරින බවත් එහි නිලධාරයෙක් කීය.