
(රංජන් කස්තුරි)
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් අපෙක්ෂිත ණය බොහොදුරට ලබන මාර්තු මාසයේදී ලබාගත හැකි වනු ඇතැයි අපෙක්ෂාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඉන්දියාව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට සහතිකයක් ලබාදී තිබෙන අතර චීනය සහ පැරිස් සමාජය එම සහතිකය ලබාදුන් පසුව සති කීපයකින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගත හැකිවනු අතැයි ද ඔහු කීවේය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ ක්‍රියාවලිය මේ වන විට වේගයෙන් සිදුවන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය .
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

