අයවැයට ප්‍රථම පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

අයවැයට ප්‍රථම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආරක්ෂක අංශ මගින් ලබන සතියේදී විශේෂ පරීක්ෂාවට ලක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.

කතානායකවරයා මේ බව පැවැසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කතානායක කරු ජයසූරිය මහතා මෙසේද පැවැසීය.

  ‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ලබන මාර්තු 1 වැනිදා ආරක්ෂක අංශ මගින් පුර්ණ පරීක්ෂාවට ලක් කෙරෙනවා.ඊට පසුව 5 වැනිදා පාර්ලිමේන්තුනේ විශේෂ හඳුනාගත් ස්ථාන රැසක් පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

අයවැය ප්‍රකාශ කරන මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුව තුළිත් ඉන් පිටතත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.‘‘