අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලබන වර්ෂය (2026) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට අද (26) ඉදිරිපත් කරනු ලැබීය.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 18 වැනිදා නිකුත් කෙරිණ.

එම කෙටුම්පත අනුව  ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 443400කි.

කෙටුම්පතෙන් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් කෝටි 63400කි.

පළාත් සභා සහ පළාත් පාලන  අමාත්‍යාංශයට රුපියල් කෝටි 61800ක්ද  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 59600ක්ද වෙන් කර අැත

ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කෙරේ. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8  වෙනිදා ආරම්භ වී 14 වැනිදා දක්වා(දින හයකි) පැවැත්වේ.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 වෙනිදා ආරම්භ වී දෙසැම්බර් මස 5  වැනිදා දක්වා (දින 17කි)  පැවැත්වේ. අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර්  5 වෙනිදා පස්වරුවේ පැවැත්වේ