අයවැය යෝජනා ජනපති නිරීක්ෂණයට


(අංජුල මහික වීරරත්න)

2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද එම අවස්ථාවට එක් විය.

වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.