(නිමන්ති රණසිංහ)
අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරීවරයා කපා කොටා ඝාතනය කල සිද්ධියට අදාළව දුම්රිය ස්ථානාධිපතිවරයකු ගල්ගමුව පොලිසිය විසින් ඊයේ (04) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.
ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි .
ග්‍රාම නිලධාරීවරයා බිය වැද්දීමට යැයි සඳහන් කරමින් සැකකාර දුම්රිය ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ එක හමාරක මුදලකට කොන්ත්‍රාත්තුවක් හික්කඩුව ප්‍රදේශය පදිංචි පුද්ගලයකුට ලබාදී ඇතැයි වාර්තා වේ .
ඒ අනුව මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කිසියම් පිරිසක් ඊයෙ (04) පෙරවරුවේ කපාකොටා ඝාතනය කර තිබුනේ එස්.එම්. සපුකුමාර නමැති 51 හැවිරිදි තිදරු පියෙකි.
රාජකාරි සඳහා යමින් සිටින අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් අනුරාධපුර උදංගාව ප්‍රදේශයේදී ඔහුව කපාකොටා තුවාල සිදුකර පළාගොස් තිබුණි.
බරපතළ තුවාල ලැබූ ග්‍රාම නිලධාරීවරයාව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තත් රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙයි .

