අඹතලේ ජලය මුදා හරී: කොළොන්නාවෙන් ඉවත් වන්න


(අංජුල මහික වීරරත්න)

අඹතලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශය අවට පහත් නිම්න වෙත එහි ජලය මුදා හරින බැවින් කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් වහා ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.