අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු


(අංජුල මහික වීරරත්න)

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස  කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටිති.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) පිරිනැමීය.