අම්බලන්ගොඩ සියලුම පුස්තකාල දින නියමයක් නැතිව වසා දමයි


(එම් .සුසිල් ප්‍රියන්ත )    

අම්බලන්ගොඩ නගර සභාව මගින් පාලනය කරනු ලබන සියලුම පුස්තකාල අද (26 )දින සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත.

අම්බලන්ගොඩ ප්‍රධාන මහජන පුස්තකාලය හා සෙසු ග්‍රාමීය පුස්තකාල සියල්ලම මෙසේ වසා දැමීමට අම්බලන්ගොඩ නගර සභාව පියවර ගෙන ඇත.

අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඇතුලු පුස්තකාල අටක් අද (26 ) සිට වසා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගර සභාවේ ලේකම් ඩබ්ලිව්.ඩි.ආර්.ජේ.රුද්‍රිගු මහත්මියගෙන් විමසූවිට පැවසුවේ රටේ පවතින කොරෝනා වසංගතය හමුවේ සිය ආයතනය මගින් පාලනය කරනු ලබන සියලුම පුස්තකාල වසා දැමීමට පියවර ගත් බවය.