අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ


(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.

එහිදී සමඟි ජනබලවේගය සභික ධුර 5 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධුර 3 ක් ද, එක්සත් ජාතික පක්‍ෂය, ස්වාධීන කණ්ඩායම සහ සර්වජන බලය සභික ධුරය බැගින් ද,හිමිකරගත්තේය.

ජාතික ජනබලවේගය ඡන්ද 5,736 ක්, සමඟ ජනබලවේගය ඡන්ද 2,934 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,928 ක්, එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 553 ක්, ස්වාධීන කණ්ඩායම ඡන්ද 552 ක් සහ සර්වජන බලය ඡන්ද 447 ක් හිමිකරගත්තේය.