
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය ඇතුලු ප්‍රධාන වැව් හතක් ජලයෙන් පිරෙන්නට පටන් ගෙන ඇති අතර කලුගල්ඔය වැව වාන් දමමින් පවති .
මෙයට අමතරව කුඩා වැව් අටක් ඇති අතර එම වැව් අටම මේ වෙනකොට වාන්දමන බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසිය.
අම්පාර වැව, කොණ්ඩුවටාවුන වැව, වලගම වැව, අලහේන වැව, මළයාඩිය වැව, පාදාගොඩ අලිගල්ගේ වැව හිමිදුරාව වැව ඒ අතර වෙයි.
කොණ්ඩුවටුවාන වාන් දැමිම නිසා අම්පාර මාර්ගය අවහිර වි ඇති අතර මලියකාඩු හරහා ජලය ගැලිම නිසා අම්පාර කල්මුන මාර්ගය ගමනා ගමනය බාධාවන් ඇතිවි තිබේ.
අලහේන වැව සහ පාදාගොඩ වැව වාන් දැමිම නිසා දමන සිට කොක්නහර දක්වා ගමනා ගමනය ට බාධාවන් ඇතිවි තිබේ.
දැනට පවුල් ගංවතුරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 පවුල් 460 පුද්ගලයන් 1488 කට බලපෑම් එල්ල වි ඇති අතර නිවාස 18 ක් අර්ධ හානි සිදුවි තිබේ.
ඡායා ඥානසිරි හෙට්ටිආරච්චි, වසන්ත චන්ද්‍රපාල


