අංජුල මහික වීරරත්න
රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙනම විෂයක් ලෙස තනි කැබිනට් අමාත්‍යවරයකු ලෙස තිබිය යුතු බව රජය දැඩි ස්ථාවරයක සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහා කැබිනට් ඇමැතිවරයකු හොඳින් හෝ නරකින් පත් කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයේ දී අදහස් පළ වූ බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
කැබිනට් ඇමැතිවරයකු පත් කරන තෙක් කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කළ යුතු බවට ද මේ වන විටත් කැබිනට් මණ්ඩලය යෝජනා කර තිබේ.

