
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් දින අටක් තිස්සේ අක්‍රීය වී පැවතීමෙන් රෝග ප්‍රතිකාර කටයුතු අක්‍රිය වී තිබෙන බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා දන්වා ඇතැයි සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෙිරියන්ට් යන්ත්‍රය (Variant machine) මෙලෙස අක්‍රිය වී පවතින්නේ සේවා ගිවිසුම් අනුව මෙම යන්ත්‍රයට නොමිලේ ගෙන්වූ අමතර කොටස් පසුගිය සිකුරාදා සිට රේගුවෙන් නිදහස් කරගන්නට නොහැකි වී තිබෙන නිසා බවද වික්‍රමරත්න මහතා කීය.
විවිධ රේගු තාක්ෂණික ගැටලු නිසා මේ ප්‍රශ්නය මතු වී තිබෙන බවත් මේ නිසා ඉකුත් දින කිහිපයේදී පමණක් රෝගීන් සියයකගේ පමණ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබෙන අතර අද පෙරවරුවේදී මේ යන්ත්‍රයෙන් ප්‍රතිකාර ලබන කුඩා දරුවන් 24 දෙනෙකු ප්‍රතිකාර නොමැතිව අසරණ වී සිටින බව සඳහන් කළේය .
මේ යන්ත්‍රයේ අමතර කොටස් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටින බවද එරාන් වික්‍රමරත්න මහතා කීය.

