අපේ ආර්ථිකයේ වර්ධනයක්


ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ දී සියයට 3.3ක අගයකින් වර්ධය වනු ඇතැයි ලෝක බැංකුව අනාවැකි පළ කරයි.

එහෙත් කාලයක් මුළුල්ලේ ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක දුර්වලතා සහ ‘කොවිඩ්-19’ වසංගතයේ බලපෑම හේතුවෙන් මැදිකාලයේ දී වැදගත් අභියෝග රැසක් මතු වනු ඇතැයි ද ලෝක බැංකුව පෙන්වා දී ඇත.

ඩිජිටල්කරණය සහ සේවා ප‍්‍රමුඛ කරගන්නා සංවර්ධනය (Shifting Gears: Digitization and Services-Led Development)  - නවතම දකුණු ආසියානු ආර්ථික දැක්ම - යනුවෙන් හැඳින්වෙන සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව සඳහන් කර ඇත.  

ආර්ථිකය නැවත සාමාන්‍යකරණය වනවිට ඒත් සමඟම ශ්‍රම වෙළෙඳපොළ ද නැවත යථා තත්ත්වයට පත්වනු ඇති බවත් දකුණු ආසියාවේ බොහෝ රටවල් වසංගතයට පෙර පැවැති ආර්ථික මට්ටමට වඩා පහළ තත්ත්වයකට පත්ව ඇති බවත් ලෝක බැංකුව පෙන්වා දී තිබේ.

ලෝක බැංකුව වසරකට දෙවතාවක් මෙම කලාපීය වාර්තාව නිකුත් කරයි.