අපේ ඇමතිවරු ගැනත් සැකනම් උසාවියට යන්න පුළුවන්




(සුජිත් හේවාජුලිගේ)

තම රජයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් පවතී නම් නීතිමය මාර්ගයට යා හැකි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා  ප්‍රකාශ කළේය.

නීතිය සැමට එකසේ  ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.