
( බී.ජී. චතුරංග)
අනුරාධපුර ජයන්ති මාවතේ, දෙකේ කණුව ආසන්නයේ ඇති පුරන් කුඹුරු යායකට කිසියම් අයකු ගිනි තැබීමේ හේතුවෙන් අද (17) දහවල් එම මාර්ගය ආසන්නයේ ඉදි කර තිබූ පලතුරු වෙළෙඳ සලක්, බෝග වගාවන් කිහිපයක් විනාශයට පත්ව, වන සතුන්ද ජීවිතක්ෂයට පත් විය.
අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් පැමිණ ගින්න පැතිරී යාම වලක්වා පාලනය කිරීමට කටයුතු කළේය.
දැඩි සුළං තත්ත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබූ අතර එම ගින්නෙන් අක්කර 30 ක ට වැඩි භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබුණි.
ගිනි ගැනීම් තත්ත්වය නිසා ඇති වූ අධික රස්නය සහ දැඩි දුමාරය හේතුවෙන් ජයන්ති මාවතේ රථ වාහන ගමනා ගමනයට සම්පූර්ණයෙන් බාධා මතු වූ අතර රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කර වීමට පොලිස් රථ වාහන අංශ නිලධාරීහු මෙහිදී කටයුතු කළහ.


