(දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)
මහ නගර සභාවේ මාසික රැස්විම සදහා සහභාගි වන නාගරික මන්ත්‍රිවරුන්ට ලබාදුන් දිවා ආහාරය අත්හිටුවිට ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රි අසේල විජේසිංහ මහතා ගෙන ආ යෝජනවා අද (08)දින ඒකමතිව සභා සම්මත විය.
අනුරාධපුර මහ නගර සභාවේ මාසික රැස්විම නගර සභා ශ්‍රවණාගාරයේදි නගරාධිපති එන්.කරැණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්අද (08)දින පැවත්වුණි.
මෙහිදි මෙම යෝජනාව ඉදිරිපත් කරමින් නාගරික මන්ත්‍රි අසේල විජේසිංහ මහතා මෙසේද පැවසිය.
“මෙම සභා වාරයේ සිට මෙතෙක් කලක් නාගරික මන්ත්‍රිවරුන්ට ලබාදුන් දිවා ආහාරය තවදුරටත් අවශ්‍ය වන්නේ නැත.ඒ සදහා මාසිකව වැයවන රැපියල් විසිපන්දහසකට අධික මුදල නාගරික ජනතාවගේ සුබ සාධනයන් හා සභාබල ප්‍රදේශයේ සංවර්ධනය කර ගැනිමට සුදුසු බවත් මෙයින් යෝජනා කරනවා.”
“මේ තුලින් ඉතිරිතර ගන්නා මුදල සභාවේ ආදායම් හා වියදම් ශිර්ෂයන් තුලින් ඉතා අඩු මුදලක් වුවත් මහජන නියෝජියන් ලෙස අප විසින් කැපකරන මෙවන් කැපවිම් තුලින් කාර්ය මණ්ඩලයටත්,තිරසර පුරවර සංවර්ධනය සදහා ප්‍රජා දායකත්වය ලබාදිමට සුදානමින් සිටින මෙම නගරයේ නාගරික ජනතාවට ලබාදෙන ප්‍රබල ආදර්ශයක් වනු ඇති බවත් නාගරික මන්ත්‍රිවරයා මෙහිදි පැවසිය.
ඒ අනුව එම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.